watermark logo

4 Views· 27 September 2022

✔ Malay pickle මැලේ ආච්චාරුව අපේ අම්මාගේ ක්‍රමයට | Malay achcharu by Apé Amma(English Sub)

Advertisement


MonteF1475
Subscribers

Malay achcharu ape amma

අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි.

ඔවුන්ගේ චැනල් එකක් මගින් මෙම රෙසිපියේ ඩුප්ලිකේට් කොපියක් ෆොටෝ එකත් මේ වගේම සකස් කර අප්ලෝඩ් කර තිබේ.

ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න

විනාකිරි අඩුවෙන් තියන නිසා මේ මැලේ ආච්චාරුව ගැස්ට්‍රයිටිස්ට් තියන අයටත් රස විදින්න පුලුවන්.

මැලේ අච්චාරුවට දාන සීනි වලින් එළවළු වර්ග පිසෙනවා.(කුක් වෙනවා) මේ අච්චාරුව තියාගත්තහම දවස ගානේ එකේ තියන එළවළු වර්ග නිකන්ම පිසෙනවා, එ් නිසා ආයෙත් ලිපේ තියන්න ඕනේ නැහැ. මේහෙම හැදුවහම සුමානයක් වුනත් තියා ගන්න පුලුවන්. මම හිතනවා ඔයාලා මේ වගේ හදලා සුපිරි වෙලද සැල් වල තියනවා දැකලා ඇති කියලා. එක ඉව්වහම එන්නේ මේ රස නෙමෙයි. දවසක් දෙකක් පහුවෙලා කනකොට කැරට් මාලු මිරිස් ළුෑණු වලට එ ඉස්ම උරාගෙන පුදුම රසක් ගෙනදෙනවා. බොතලයකට දාලා ශීතකරණයේ මාසයක් වුනත් තියා ගන්න පුලුවන්. මේ වගේ කුඩා ප්‍රමාණයක් හදලා අපි මාස ගනන් තියා ගන්නේ නැහැනේ. ඉතින් ඔයාලත් මේ විදියට හදලා රස බලන්න.

The sugar added to the Malay pickle is going to cook the ingredients. When this pickle is kept for couple of days the ingredients keeps cooking, so you don't need to cook this again. I hope you've seen this pickle in super markets, cooked pickle will give a different taste. When this is eaten after couple of days it tastes even better. You can bottle this and keep in the fridge for about a month, but I don't think anyone is going to keep a small quantity of pickle for a month. Now you can also try this delicious Malay pickle.

Like "Apé Amma" fan page.
https://www.facebook.com/Ape-Amma-547954888741188/

Show more


Up next

Advertisement


0 Comments